ජලාශවල ජලය පහළ මට්ටමක ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න වාරිමාර්ග දෙපාර්තමේන්තුව

The Victoria in the Dry Season #2 – Son of the Morning Light

පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, රටේ ප්‍රධාන ගංගා බොහොමයක ජල මට්ටම් මේ වනවිට පහළ මට්ටමක පවතින බවයි.

කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති ජලාශ 73න් බොහෝමයක ජල ධාරිතාව 75%ට වඩා ඉහළ මට්ටමක පවතින බැවින් මෙවර කන්නය සඳහා ජලය සැපයීමේ හැකියාව පවතින බවත් ඔහු පැවසීය.

එමෙන්ම, පානීය ජලය ලබා ගන්නා ගංගා ප්‍රදේශවලට කරදිය ඇතුල්වීමේ අවදානමක් පවතින බවද අවධාරණය කෙරිණි. විශේෂයෙන් නිල්වලා, කැලණි සහ කළු ගංගාවල මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව, ජනතාව ජලය භාවිත කිරීමේදී වැඩි අවධානයක් යොමු කර අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Share This