රුපියල් මිලියන 6000ක මත්ද්‍රව්‍ය බෝට්ටුවක් නාවික හමුදාවෙන් දික්ඕවිට වරායට රැගෙන එයි

විදෙස් බුද්ධි තොරතුරක් මත සිදුකළ අවේක්ෂණ මෙහෙයුමක් අතරතුර, බේරුවලට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අද (01) උදෑසන අදාළ බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ආ පසු සිදුකළ විමර්ශනවලදී, උර 298ක් තුළ මෙම මත්ද්‍රව්‍ය සඟවා තිබූ බව අනාවරණය වී තිබේ.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා සඳහන් කළේ, අදාළ යාත්‍රාව ලාංකික බහුදින ධීවර යාත්‍රාවක් බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, සන්නිවේදන කටයුතු සඳහා භාවිත කළ උපකරණ ද නීතියට භාර දී ඇත.
නාවික හමුදාව සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 6,000ක් පමණ වන බවයි.
