බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ට යයි – ජේපී මෝගන් බැංකු සමාගමෙන් අනතුරු ඇගවීමක්
මාසයක කාලසීමාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 150 දක්වා ඉහළ යා හැකි බවට ලෝක ප්‍රකට ජේපී මෝගන් බැංකු සමාගමේ අනතුරු අඟවා ඇත. මේ නිසා බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල වීමෙන් බොරතෙල් මිල ඉහළ යෑම වළක්වා ගත නොහැකි තැනකට පත්වනු ඇතැයි ද වැඩි දුරටත් සදහන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ තීරණාත්මක සමුද්‍ර සන්ධිය ඉරාන ආරක්ෂක හමුදාවෙන් අවහිර කිරීම හේතුවෙන් ආසියාවේ සහ යුරෝපයේ රටවලට දැඩි බලශක්ති හිඟයක් උද්ගත වී ඇති අතර, ඉන්ධන මිල ඉහළ යෑමෙන් එම රටවල ජනතාව ආර්ථික අවදානමකට මුහුණ පා සිටින බවද වාර්තා වෙයි.

