සිංහල අවුරුද්දට ජනතා අයිතියට එන – නවීනතම පිටකොටුව බස් නැවතුම්පොළ

60 වසරකට පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීනතම පහසුකම් සහිතව එළඹෙන සිංහල අවුරුද්දට පෙර ජනතා අයිතියට පත් කිරීමට සියල්ල සූදානම්.! 🚌🇱🇰
පිටකොටුවට එන අපේ මගී ජනතාවට දැන් වෙනස්ම අත්දැකීමක්! #cleansrilanka වැඩසටහන යටතේ රුපියල් මිලියන 425 ක වියදමින් ඉදිවුණු මෙහි ඇති විශේෂතා කිහිපයක්:
📍 ප්‍රධාන පර්යන්තය: බිම් මහල මගී පහසුව සඳහා සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත.
📍 සුවපහසු විවේකාගාර: රියදුරු සහ කොන්දොස්තර මහත්වරුන් වෙනුවෙන්ම වෙන්වූ දෙවන මහල.
📍 තොරතුරු කේන්ද්‍රය: බස්, දුම්රිය සහ ගුවන් ගමන් තොරතුරු දැනගත හැකි නව මධ්‍යස්ථානයක්.
📍 උසස් පහසුකම්: නවීන වැසිකිළි පද්ධති, පිරිසිදු ආපනශාලා සහ සවිමත් ආරක්ෂක පද්ධතියක්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉංජිනේරු දායකත්වයෙන් නිමවුණු මෙම ව්‍යාපෘතිය, දිනකට මෙහි පැමිණෙන 75,000 කට අධික මගී ජනතාවට සහ සහ 1,500 කට අධික බස් රථ සේවක පිරිසට මහත් සහනයක් වනු නිසැකය.
අපේ රටේ පොදු ප්‍රවාහනය අභිමානයෙන් යුතුව භාවිතා කරන නව යුගයක ආරම්භය!

Share This