ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිට්ස් සහ විපක්ෂ නායක අතර හමුවක්

ලෝක බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥවරියක සහ ග්‍රීක පාර්ලිමේන්තුවේ හිටපු සාමාජිකාවක වන එලේනා පැනරිට්ස් මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු විය. මෙම හමුව සිදුවුයේ විපක්ෂ නායක කාර්යාලයේදීයි. රටවල් කිහිපයක ආර්ථික ප්‍රතිව්‍යුහගතකරණය හා සංවර්ධන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඒ මහත්මිය මෙහිදී සිය අත්දැකීම් විස්තර කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දිගු කාලීන වර්ධනයට සහාය වීම සඳහා ආර්ථික ස්ථාවරත්වය වැදගත් බවයි ඇය වැඩි දුරටත් පෙන්වා දුන්නේ.

 

Share This