ජන­ග­හ­න­යෙන් 10%කට වකු­ගඩු රෝග -මහ­ජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල්

මෙරට ජන­ග­හ­න­යෙන් 10%ක් වකු­ගඩු රෝගීන් බවට ඇස්ත­මේන්තු කර ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ අති­රේක ලේකම්, මහ­ජන සෞඛ්‍ය සේවා (වැඩ බලන), නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රජා වෛද්‍ය විශේ­ෂඥ චම්පිකා වික්‍ර­ම­සිංහ මහ­ත්මිය පවසයි.

දිය­වැ­ඩි­යා­වෙන් හා අධික රුධිර පීඩ­න­යෙන් පෙළෙන පුද්ග­ල­යන් වස­ර­කට වර­ක්වත් වකු­ගඩු සෞඛ්‍ය පරී­ක්ෂ­ණ­ය­කට ලක් විය යුතු බවටත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

වකු­ගඩු පරී­ක්ෂාව සඳහා රට පුරා පරී­ක්ෂණ මධ්‍ය­ස්ථාන ස්ථාපිත කිරීමේ විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­වට නංවන බව කියා සිටි ඇය වකු­ගඩු රෝගය නිසා දින­කට පුද්ග­ල­යන් 4ක් හෝ 5ක් මර­ණ­යට පත් වන බවත් වාර්ෂි­කව අලු­තින් රෝගීන් 5,000ක් පමණ හඳු­නා­ගන්නා බවත් ඇය ප්‍රකාශ කළාය. දිය­වැ­ඩි­යාව, අධික රුධිර පීඩ­නය යනාදි රෝග­ව­ලින් පෙළෙන පුද්ග­ල­යන් වකු­ගඩු රෝග­යට ඉතා ඉක්මනින් ගොදුරුවන බවත් කියා සිටියාය.

වකු­ගඩු රෝග­යෙන් පෙළෙ­මින් අව­සන් අදි­යරේ සිටින රෝගීන් 20,000ක් පමණ රට පුරා සිටින බවද ඇය පැව­සු­වාය. වාර්ෂි­කව හීමෝ­ඩ­ය­ල­සීස් ප්‍රති­කාර ලබා­දිය හැක්කේ රෝගීන් 5,000කට පම­ණක් බවත්, ඊට අම­ත­රව රෝගීන් 300කට පමණ වකු­ගඩු බද්ධ කිරීම සිදු කරන බවත් ඇය ප්‍රකාශ කළාය.

Share This