රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති අද දිවයිනට

රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින් (Roman Marshavin) අද (26) පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය. ඛනිජතෙල් හා ගල්අඟුරු සැපයුම් පිළිබඳ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා කිහිපයක් සදහා ඔහු සහභාගිවීමට නියමිතයි.

මැදපෙරදිග ඇතිව තිබෙන යුදමය වාතාවරණය මත ලෝකයේම හටගෙන ඇති බලශක්ති අර්බුදය හමුවේ ලංකාවට ඉන්ධන සපයා ගැනීම සඳහා පසුගියදා විදේශ කටයුත, විදේශ රැකියා සහ සංචාරක ඇමති විජිත හේරත් සහ මෙරට රුසියානු තානාපති අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබුණු අතර රුසියාවේ නියෝජ්‍ය බලශක්ති ඇමති රෝමන් මාර්ෂවින්ගේ (Roman Marshavin) මෙරට සංචාරය එම සාකච්ඡා අනුව සිදුවන්නක් බව වැඩි දුරටත් සදහන් වේ.

Share This