“මලෛයග මහිල්චිචි” බදුල්ල දිස්ත්‍රික්කයේ වතු නිවාස ඉදිකිරීම අද

බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අධි අවදානම් කලාපවල ජීවත්වන වතු ප්‍රජාව සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “මලෛයග මහිල්චිචි” වැඩසටහන යටතේ නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල් තැබීම  අද (26) එම වතු පරිශ්‍රයන්හිදී සිදු කිරීමට නියමිතය.

ඒ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කරනු ඇත.

මෙම නව නිවාස ඒකක 17 ඉදි කෙරෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ කනවරැල්ල සහ හොප්ටන් යන ප්‍රදේශවල ජීවත්වන නායයෑමේ අවදානමට මුහුණ දී සිටින පවුල් 17ක් වෙනුවෙනුයි.

ව්‍යාපෘති පිරිවැය ලෙස රජය මේ සඳහා රුපියල් මිලියන 54ක් වෙන්කර තිබෙනවා.

අද (26) පැවැත්වෙන මුල්ගල් තැබීමේ උත්සවය සඳහා ප්‍රදේශයේ ජනතාව සහ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගී වීමට නියමිතයි.

Share This