උෂ්ණත්වය ගැන වැඩි අවධානයක් යොමු කරන්න -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, වවුනියාව, මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට අද (26) දිනයේ මිනිස් සිරුරට දැනෙන දැඩි උෂ්ණත්වයට අවධානය යොමු කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
මේ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඊයේ (25) දින දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.7ක් ලෙස රත්නපුර කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා විය. බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (26) දිනයේ පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසනවා.
