කාලකණ්නි නගර සභාව තුල තම කාලය ගත කිරිමෙන් ඵලක් නොවන බව පවසමින් සජබ නාගරික මන්ත්‍රීවරයෙක් සභා රැස්වීමෙන් පිටව යයි.
හැටන් දික්ඔය නගර සභාවේ මාසික සභා රැස්වීම එම නගර සභාවේ සභාපති (ජාතික ජන බලවේගයේ) අසෝක කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් (24) දින එම සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
එම සභා රැස්වීම ආරම්භයේදිම සභාව අමතමින් සභාපතිවරයා කියා සිටියේ, නගර සභාවේ සභාපතිවරයා වශයෙන් තමනුත් නගර සභාව නියෝජන කරන සියලුම නාගරික මන්ත්‍රීවරුනුත් කාන්තාවන්ට නිසි ගෞරවය ලබා දී සභාව තුල කටයුතු කල යුතු බවයි.
නගර සභාව නියෝජනය කරමින් ආණ්ඩු සහ විපක්ෂයේ කාන්තා මන්ත්‍රීවරුන් තිදෙනෙකු කටයුතු කරන අතර, නගර සභාව නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු නගර සභාවේ නිළධාරිනියකට අපහාසාත්මක වන ආකාරයෙන් බැන වැදුනේ යැයි කියන සිද්ධියක් පදනම් කරගෙන (24) දින නගර සභාවේ වග කිය යුතු නිළධාරින් කිහිප දෙනෙුක සභා රැස්වීමට සහභාගි නොවී නගර සභා ශාලාවෙන් පිටත රැදී සිටින බවයි.
යම් ගැටළුවක් නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නම් එම නිළධාරියා සභා රැස්වීමට කැදවීමට හැකි බවද සභාපතිවරයා සභාව හමුවේ කියා සිටියා.
එම නගර සභාව නියෝජනය කරන සමගි ජන බලවේගය නියෝජනය කරන නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතා කියා සිටියේ මේ දිනවල හැටන් ප්‍රදේශයේ පවතින දැඩි වියලි කාලගුණයත් සමග ප්‍රදේශයේ පදිංචිකරුවන් දැඩි ලෙස පානීය ජල ගැටළුවකට මුහුණ පා ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මියත්, සභාපතිවරයාත් ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරින් සමග (23) දින සාකච්ඡාවක් පවත්වලා තියනවා. එම සාකච්ඡාව ගැන අපි දන්නේ නැ. එම සාකච්ඡාවට විපක්ෂයේ කාටවත් ආරාධනා කරලත් නැ.
මම 1992 ඉදලා මෙම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙනුත්, සභාපතිවරයා වශයෙනුත් කටයුතු කරලා තියන කෙනෙක්. මම හොද පල පුරුද්දක් සහ අත් දැකීම් තියන මන්ත්‍රීවරයෙක්. මාව තෝරාපත් කළේ ප්‍රදේශයේ ජනතාව. එම ජනතාවට අපි වග කියන්න ඕනි. එහෙම මන්ත්‍රීවරයෙකුගෙන් නගර සභාවේ කිසිදු වැඩක් ගන්නේ නැ. අපි කියන යෝජනා කිසිවක් ක්‍රියාත්මක කරන්නේත් නැ. ඒ නිසා මේ වගේ කාලකණ්නි නගර සභාවේ රැස්වීමේ රැදී ඉන්න මම කැමති නෑ. මම සභාවෙන් පිටව යනවා. පවසමින් නාගරික මන්ත්‍රී අලගමුත්තු නන්දකුමාර් මහතා සභාවෙන් පිටව යන ලදි.
ඉන් අනතුරුව අදහස් දැක්වූ හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා කියා සිටියේ, අපේ පාලනය කාලකණ්නිද නැද්ද කියන එක ඉදිරි වසර 4 තුල අපි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්වනවා. එතකොට ජනතාව තේරුම් ගනියි අපි කාලකණ්නිද නැද්ද කියලා.
නගර සභාවේ පවතින කැලි කසල ගැටළුව විසදිමට කටයුතු කිරිමෙදි එය නතර කිරිමට ඇතැම් මන්ත්‍රිවරුන් කකුලෙන් අදිනවා. ඒක මම හොදටම දන්නවා. පසුගිය කාලය තුල නගර සභාවට ජලය ලබා ගත් ජල ටැංකි කිහිපයක් කඩා දමා ගොඩනැගිලි ඉදි කිරිමට අවසර ලබා දීලා තියනවා.
ඒ වගේම නගර සභාවේ මුදලින් ඉදි කරපු නළ ළිදක් වහලා ගෙයක් හදන්නත් අවසර දීලා තියනවා. ඒ පාලන කාලයේ නගර සභාවේ දුෂණ වංචා රැසක් සිදු වෙලා තියනවා. ඒවා එකින් එක අපි නීතියේ හමුවට ගේනවා.
හැටන් දික්ඔය නගර සභාව සතු තානායම් ගොඩනැගිල්ල ඉකුත් පාලන කාලයේ ගිනි ගෙන විනාශ වුණා. ගිනි ගත්තාද? ගිනි තිබ්බාද? ඒ පිලිබදව සොයන්නත් අපි කොමිසමක් පත් කරනවා. යනුවෙන් පැවසීය.
මෙහිදි අදහස් දැක්වූ සුප්පයියා කේසව මූර්ති (ස්වාධීන) කියා සිටියේ, වසර ගණනාවක් මෙම නගර සභාව නියෝජනය කරපු අලගමුත්තු නන්දකුමාර් මහතා මෙම නගර සභාව කාලකණ්නි නගර සභාවක් යනුවෙන් ප්‍රකාශ කිරිම තරයේ හෙළා දකින බවයි.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අදහස් දැක්වූ වෛද්‍ය චුල්ල ජයන්ත ධර්මප්‍රිය මහතා සහ ඇන්තනි එල්මෝ යන මහතුන් සභා හමුවේ කියා සිටියේ, අලගමුත්තු නන්දකුමාර් නාගරික මන්ත්‍රීවරයා සිදු කල ප්‍රකාශය හැන්සාඩ් වාර්ථාවෙන් ඉවත් කරන ලෙසයි.
