පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමට කැබිනට් අනුමැතිය

වැඩිවියට පත් පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන, මෙම වසරේදී ද සියලුම රජයේ පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල වැඩිවියට පත් මිලියන 1.05ක් පමණ වූ සිසුවියන් සංඛ්‍යාවක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440/-ක් වන සේ රුපියල් 720/- ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් බැගින් ලබා දීමටත්, සිය අභිමතය පරිදි රුපියල් 120/- බැගින් වූ තුවා 08 ක් සහිත පැකට 12 ක් හෝ රුපියල් 180/- බැගින් වූ කුවා 10ක් සහිත පැකට් 08 ක් වර්ෂය තුළ දී මිල දී ගැනීමට අවස්ථාව සැලසෙනවා.

2026 වසරේදී පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන්
අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Share This