ඉන්ධන සහ විදුලිය සුරකින්නෙ මෙහෙමයි – රජයෙන් නව මාර්ගෝපදේශයක් – සවස 6 සිට රාත්‍රී 10 දක්වා බලශක්තිය සුරකින්න…

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන ආනයනයට බාධා ඇතිවිය හැකි බැවින්, පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා රජය නව මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
මෙම මාර්ගෝපදේශ සියලු රාජ්‍ය ආයතන වෙත නිකුත් කර ඇති අතර, ඉන්ධන හා විදුලි බලය ඉතිරි කිරීම මූලික අරමුණ වේ.
🔹 තනි වාහන වෙනුවට පොදු හෝ කණ්ඩායම් ප්‍රවාහනය භාවිතා කිරීම
🔹 රැස්වීම් හා සේවා ඔන්ලයින් ක්‍රමයට හැරවීම
🔹 ලිපිලේඛන E-mail / WhatsApp මගින් හුවමාරු කිරීම
🔹 ස්වභාවික ආලෝකය භාවිතා කිරීම (Sky lights)
🔹 AC වෙනුවට විදුලි පංකා භාවිතය
🔹 AC උෂ්ණත්වය 26°C හෝ ඊට වැඩි ලෙස පවත්වා ගැනීම
🔹 උදෑසන ජනෙල් විවෘත කර වායු ගමන්කරවීම
🔹 විදුලි සෝපාන වෙනුවට පියගැටපෙළ භාවිතය
🔹 අනවශ්‍ය මාර්ග විදුලි පහන් නිවා දැමීම
🔹 කාර්ය මණ්ඩලය හැකි නම් ඔන්ලයින් සේවයට යොමු කිරීම
🔹 රාජකාරි වේලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම
එසේම, සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
සියලු රාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව මෙම කාලයේදී බලශක්ති සංරක්ෂණයට දායක වීම වැදගත් බව අවධාරණය කරයි.
