අමෙරිකාවේ ටෙක්සාස්හී තෙල් පිරිපහදුව පුපුරා යයි – ජනතාවට නිවාසවල රැදී සිටින ලෙස ඉල්ලීමක්

A Closer Look at How Texas Refinery Explosions Occur | Terry & Thweatt P.C.  Attorneys at Law

Port Arthur නගරයේ පිහිටි තෙල් පිරිපහදු බලාගාරයක ප්‍රබල පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.

Texas ප්‍රාන්ත බලධාරීන් ජනතාවට දැනුම් දී ඇත්තේ, වහාම තම නිවෙස් තුළට ගොස් ආරක්ෂිතව සිටින ලෙසයි.

මෙම පිපිරීමෙන් අනතුරුව අහසට කළු දුමාරයක් විහිදී ගොස් ඇති අතර, එහි ශබ්ද බලය හේතුවෙන් අවට නිවාස පවා සෙලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත්, මේ වන තෙක් මෙම සිද්ධියෙන් කිසිදු මරණයක් හෝ තුවාල වාර්තා වී නොමැති බව සඳහන් වේ.

එමෙන්ම වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව විශේෂ අවධානයෙන් සිටින ලෙස බලධාරීන් උපදෙස් ලබා දී තිබේ.

විශේෂයෙන් නගරයේ බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන්ට, නිවෙස්වල දොරවල් සහ ජනෙල් වසාගෙන ඇතුළතට වී සිටින ලෙසත්, රථවාහන ගමනාගමනයද සීමා කර ඇති බවත් දැනුම් දී ඇත.

Share This