හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය බොහෝවිට මම සහ අයතුල්ලාවරුන් අතට පත්වේවි! ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු ප්‍රකාශයක්

Trump Issues 48-Hour Ultimatum to Iran to Reopen Strait of Hormuz Amid  Rising Oil Prices

ගෝලීය තෙල් ප්‍රවාහනයේ මර්මස්ථානයක් බඳු වූ හෝමුස් සමුද්‍ර සන්ධිය නුදුරේදීම යළි විවෘත කරන බවත්, එහි ආරක්ෂාව සහ පාලනය අමෙරිකාව සහ ඉරානය එක්ව සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

CNN නාලිකාව සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ඉරානයේ වත්මන් හෝ අනාගත ආගමික නායකත්වය සමඟ එක්ව මෙම මුහුදු මාර්ගය මෙහෙයවීමට තමන් සූදානම් බවය.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරවලින් පසු එරට පාලන තන්ත්‍රයේ විශාල වෙනසක් සිදුවෙමින් පවතින බවත්, දැනට සාකච්ඡා මේසයට පැමිණ සිටින ඉරාන නියෝජිතයන් ඉතා “සාධාරණ” පිරිසක් බවත් ජනපති ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එමෙන්ම ඉරානයේ පාලන තන්ත්‍රයේ “ඉතා බරපතළ වෙනසක්” සිදුවනු ඇති බව පැවසූ ජනාධිපතිවරයා, ගැටුමේ මුල් අවධියේදී එල්ල කළ ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් වැඩි පිරිසක් ඉවත් කර ඇති බව පවසා තිබේ.

“පාලන තන්ත්‍රයේ වෙනසක් ස්වයංක්‍රීයවම සිදුවෙනවා,” යැයි පැවසූ ජනාධිපතිවරයා, පසුගිය සති අන්තයේ පැවති සාකච්ඡාවලින් ගැටුම සමනය කර ගැනීමට යහපත් බලාපොරොත්තු ඇති වූ බවටද ඉඟි පළ කළ බව සඳහන් වේ.

“නමුත් අපි දැන් ගනුදෙනු කරන්නේ ඉතාමත් සාධාරණ, ස්ථාවර පුද්ගලයන් පිරිසක් එක්ක,” “අභ්‍යන්තරයේ සිටින පිරිස කවුදැයි දන්නවා. ඔවුන් ඉතා ගෞරවනීය අය. සමහර විට ඔවුන්ගෙන් කෙනෙක් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ නායකයෙක් වේවි.”

Share This