කොළඹ මහ නගර සභා සීමාවේ වාහන ගාල් කිරීමේ ගාස්තු අද (23) සිට යළි අය කෙරේ
කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදි අයකරන ගාස්තු අද (23) සිට නැවත ක්රියාත්මක කිරිමට තීරණය කර ඇති බව කොළඹ මහ නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ ක්රියාත්මක QR කේත ක්රමය හා වාහන අංක (ඔත්තේ /ඉරට්ටේ) අනුව පෝලිම් අඩු වීම මෙම තීරණය ගැනීමට හේතුව බව සදහන් වෙනවා.
ඒ අනුව අද (23) පෙ.ව 6.00 සිට නැවත සුපුරුදු පරිදි රථවාහන ගාල් කළමණාකරණය හා ගාස්තු අය කිරිමට මුදල් පිළිබඳ ස්ථාවර කාරක සභාවේදි කොළඹ මහ නගර සභාව තීරණය කළ බව එහි වැඩි දුරටත් සඳහන් වෙනවා.
ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලීම් සහ ඒ අවට ඇති වූ තදබදය හේතුවෙන් නැවතුම් ගාස්තු අය කිරීම පසුගිය 18 වෙනිදා සිට නැවත දැනුම්දෙනතුරු අත්හිටුවනු ලැබුවා.
