‍”පැය 24ක් තුළ සිය රටෙන් වහා ඉවත් වන්න” – සෞදියෙන් ඉරාන තානාපති කාර්ය මණ්ඩලයට දැනුම් දීමක්

ඉරාන තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට පැය 24ක් තුළ සිය රටෙන් ඉවත්වන ලෙස සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

තම භූමියට ඉරානය විසින් එල්ල කරන ලද නිරන්තර ප්‍රහාර මීට ප්‍රධානතම හේතුව බවයි සෞදි අරාබි රාජ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇමෙරිකාව හා ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඉරානය විසින් ඊට ප්‍රතිප්‍රහාර වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයට සත්කාරකත්වය සපයන සෞදි අරාබිය සහ එහි ගල්ෆ් අසල්වැසියන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කර තිබුණා.

ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් සංචිත හිමි සෞදි අරාබි රාජ්‍ය වෙත, යුද්ධය ආරම්භයේ සිට ඉරාන මිසයිල සහ ඩ්‍රෝන යානා සිය ගණනක් එල්ලව තිබුණි. එම නිසා ඉරානය කෙරෙහි විශ්වාසය බිඳ වැටී ඇති බවත්, තම රට ආරක්ෂා කර ගැනීමේ ඇති අයිතිය තහවුරු කරන බවත් සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Share This