අද රාත්‍රියේ සිට බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළට

අද(22) මධ්‍යම රාත්‍රියේ සිට ආනයන අපනයන බහලූම් ප්‍රවාහන ගාස්තු 20% කින් ඉහළ දැමීමට සිදුවන බව බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය සදහන් කරනවා.

ඉන්ධන මිල වැඩිවීමත් සමගම  අමතර කොටස්  ලිහිසි තෙල්, බැටරි මිල ඉහළ යෑම හා සේවකයන්ගේ දීමනා ලබාදීම ආදිය මුල් කරගෙන මෙලෙස ගාස්තු වැඩි කිරීමට නියමිත බවයි බහලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා පවසන්නේ.

Share This