QR අවභාවිතා කළ ජංගම දුරකථන අංක රැසක් හදුනා ගනියි

නීතිවිරෝධී ආකාරයෙන් QR කේත ලබාගෙන අවභාවිතා කළ ජංගම දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. නීත්‍යනුකුල වාහන හිමියන්ට සිය QR කේතය ලබා ගැනීමට නොහැකි වන ලෙස මෙම අකටයුත්ත සිදු වී ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(22) පැවැති වි‌ශේෂ මාධ්‍ය හමුවේ දී කියා සිටියේය.

Share This