හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉරානයට පැය 48 ක්..
පැය 48 ක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත්, ඉරානයේ විදුලි බලාගාරවලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.
‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ඔහු ඒ බව සඳහන් කරයි.
ඔහු පවසා ඇත්තේ ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාරවලට පහරදෙන බවයි. ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20% ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය ඉරානය අවහිර කිරීමත්
සමග ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ඔහු වැඩි දුරටත් පවසයි.
