විශ්වවිද්‍යාල සිසුවෙකු – අයිස්,උණ්ඩ සමග මට්ටු

අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1800ක් සහ එම්.එම්. 9 වර්ගයේ ජීව උණ්ඩ 09ක් සමඟ ගාල්ල සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බටපොල පිහිටි ඔහුගේ නිවසේදී අද සවස ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බටපොල, නින්දාන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි මෙම සැකකරු ගාල්ල සාගර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ පුද්ගලයෙකු බවටද අනාවරණය වී ඇත.
එමෙන්ම 2025 මැයි 03 වනදා මිටියාගොඩ පොලිස් වසමේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට සොයන පුද්ගලයා මොහුගේ පාසල් මිතුරෙකු බවත්, එම හඳුනාගැනීම මත මෙම ජීව උණ්ඩ ලබාදී ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරු සන්තකයේ තිබූ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට වන අතර, එහි ආදායම් බලපත්‍රය නිකුත් කර ඇත්තේ අහංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමට බවද හෙළි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බටපොල පොලිසියට භාරදී ඇති අතර ඔහු හෙට දින බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
