කෘෂිකාර්මික කටයුතු සඳහා ආසන්නතම පිරවුම්හලෙන් ඉන්ධන
ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙන තොරතුරු අනුව ඉන්ධන නිකුත් කෙරේ
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබාදෙන තොරතුරු අනුව ඔවුන් නිර්දේශ කරන ආකාරයට කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් අදාල ගොවීන්ට ආසන්නතම ඉන්ධන පිරවුම්හලෙන් ලබාදීමට තිරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
මාර්තු 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ගොවීන්ට ඉන්ධන සැපයීම සඳහා කෝටා ක්‍රමයක් මීට පෙර හඳුන්වා දී ඇත. එහෙත් අස්වනු නෙලීමටත්, බිම් සකස් කිරිමටත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාදයකින් තොරව සැපයීම සඳහා මෙම නව ක්‍රමය අනුගමනය කිරිමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී තිරණ්‍ය කළ බවද කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
