මගී ප්‍රවාහන බස් රථවල ඉන්ධන කෝටාව වැඩි කරයි

මගී ප්‍රවාහන බස් රථවලට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 60ත් – 360ත් අතර පරාසයක් තුළ ලබාදීමට පහසුකම් සලසන බව ජාතික ගමනාගමන කොමිසමේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල මහතා පැවසීය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. ඒ අනුව බස් රථ ධාවනය කරන දුර ප්‍රමාණය මත ඉන්ධන ප්‍රමාණය තීරණ කරනු ඇත.

එම ක්‍රමවේදය සකස් කරනතුරු ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් බස් රථවලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේය.

Share This