මධ්‍යම සංස්කෘතික අරමුදල පනත සංශෝධනය කරයි

පවතින පනතට වසර 45ට වැඩියි

මධ්‍යම සංස්කෘතික අරමුදල පනත කාලීන අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සංශෝධනය කිරිම සඳහා කැබිනට් මණ්ඩලය තිරණය කරයි.
මෙ අරමුදල ස්ථාපිත කර තිබෙන්නේ 1980 අංක 57 දරණ පතන අනුව වන අතර එය වසර 45ට අධික කාලයක් පැරණි පනතකි.
ඒ අනුව එහි ඇතුළත් විධිවිධාන වර්තමාන අවශ්‍යතාවයන්ට ලැපෙන පරිදි සංශෝධනයට කිරිමේ වැදගත්කම හඳනාගනු ලැබීමෙන් මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා ආගමික ස්මාරඛ, දේශීය හා විදේශීය ස්මාරක, සංවර්ධනය, ප්‍රතිසංස්කරණය හා ආරක්ෂා කිරිම, සංස්කෘතික කටයුතු සංවර්ධනය කිරිම ආදි කටයුතු සඳහා දරණ ලද වියදම් පියවීම, කලාකරුවන්ට මුදලින් ආධාර කිරිම, සංස්කෘතික හා ආගමික ක්ෂේත්‍රයන්හි ජාතික වෙනුවෙන් සේවය කළ තැනැත්තන්ට ප්‍රදානයන් සිදුකිරිම දැනට පවතින පනත මගින් මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ඇති කාර්යයන් වේ.

Share This