ශ්‍රි ලංකාවේ ඉල්ලීමට ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාරයක්

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන තොග ලබාගැනීම සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීමකට Vijitha Herath මහතාට Subrahmanyam Jaishankar විසින් ධනාත්මක ප්‍රතිචාර ලබාදී ඇති බව වාර්තා වෙයි.
මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයට එල්ල විය හැකි බලපෑම් අවම කරගැනීමේ අරමුණින් මෙම ඉල්ලීම සිදු කර ඇත.
Ministry of Foreign Affairs Sri Lanka නිකුත් කළ නිවේදනයකට අනුව, මාර්තු 06 වනදා ඉන්දියාවේ සිදුකළ සංචාරයකදී අමාත්‍ය Vijitha Herath මහතා සහ ඉන්දියාවේ විදේශ අමාත්‍ය Subrahmanyam Jaishankar මහතා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වී ඇත.
මැදපෙරදිග යුධමය තත්ත්වය දිගටම පැවතියහොත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන සැපයුම සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහය ලබාදීමට ඉන්දියාව සූදානම් බවද සඳහන් වේ.
ඒ සඳහා අවශ්‍ය ඉදිරි පියවර සහ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් පවතින බවද අදාළ නිවේදනයේ දැක්වේ.
