Gerald Ford නෞකාවේ ගින්නක් ඉරාන ප්‍රහාරයක්ද? සැකයක්

USS Gerald R. Ford (CVN‑78) ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයට එරෙහිව සිදුවන යුද්ධයේදී රතු මුහුද ප්‍රදේශයේ ක්‍රියාත්මක වන අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස මෙම නෞකාව භාවිතා වන බව සඳහන් වේ.
කෙසේවෙතත් United States Central Command (CENTCOM) සඳහන් කර ඇත්තේ ගින්න ඉක්මනින් පාලනය කර ඇති බවයි. එමෙන්ම එය සටන් ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් නොවන බවද ඔවුන් පැවසීය.
ගින්න හේතුවෙන් නෞකාවේ එන්ජින් ක්‍රියාකාරිත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිදු හානියක් සිදු වී නොමැති බවද වාර්තා වේ.
විදෙස් මාධ්‍ය අනුව මෙම සිදුවීමෙන් නෞකාවේ සිටි නාවිකයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද සඳහන් කර ඇත.
