අමෙරිකානු ඊශ්‍රායල බැංකු අසලින් වහාම ඉවත් වන්න – ඉරානයෙන් අනතුරු ඇගවීමක්

ඉරානයේ බැංකුවකට එල්ල වූ ප්‍රහාරයකට පසු, කලාපය තුළ ඇමරිකාව හා ඉස්රායලය සමඟ සම්බන්ධ ආර්ථික සහ බැංකු අංශ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බව ඉරානය ප්‍රකාශ කර තිබේ.
බදාදා දින ටෙහෙරානයේ Khatam al-Anbiya යුධ විධානයේ ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කර ඇත.
රාත්‍රියේදී Bank Sepah සමඟ සම්බන්ධ පරිපාලන ගොඩනැගිල්ලක් ටෙහෙරානයේදී ප්‍රහාරයට ලක්වී ඇති බව අර්ධ නිල Mehr News Agency වාර්තා කරයි. Bank Sepah යනු ඉරානයේ විශාලම රාජ්‍ය බැංකු අතර එකක් වන අතර එය ඉතිහාසයේ සිට යුධ හමුදාව සමඟ සම්බන්ධතා ඇති බැංකුවක් ලෙස සැලකේ.
රජයේ මාධ්‍ය වාර්තා අනුව, ඉබ්‍රාහිම් සොල්ෆකාරි සඳහන් කර ඇත්තේ
“අසාර්ථක වූ ඔවුන්ගේ ප්‍රහාර මාලාවෙන් පසුව, ත්‍රස්තවාදී ඇමරිකානු හමුදාව සහ කෘර සයිනොස්ට් පාලනය (ඉස්රායලය) රටේ බැංකුවක් ඉලක්ක කර ඇත” යනුවෙනි.
ඔහු තවදුරටත් පවසා ඇත්තේ,
“මෙවැනි නීති විරෝධී සහ අසාමාන්‍ය ක්‍රියාවක් හේතුවෙන් කලාපයේ ඇමරිකාව හා සයිනොස්ට් පාලනය සමඟ සම්බන්ධ ආර්ථික මධ්‍යස්ථාන සහ බැංකු ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට අපට සිදුවන බව” යි.
එමෙන්ම එම ප්‍රකාශකයා කලාපයේ ජනතාවට බැංකු වලින් මීටර් 1000ක් පමණ දුරින් සිටීමට අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇත.
