ශ්‍රීලන්කන් හිටපු ප්‍රධානි කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට

එයාර් බස් ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් සම්බන්ධයෙන් ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.

අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණි ඔහුගෙන් දීර්ඝ කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුව සිදුකර ඇත.

මෙම අත්අඩංගුව එයාර් බස් ගනුදෙනුවකට අදාළ විමර්ශනයක් යටතේ සිදුකර ඇති බව වාර්තා වෙයි.

Share This