ඉරාක මුහුදු සීමාවේ දී තෙල් නැව් දෙකක් ගිනිබත් වෙයි
ඉරාකයේ අල්-ෆවු (al-Faw) වරාය ආසන්නයේ ඉරාක මුහුදු සීමාවේ දී විදේශීය තෙල් නැව් දෙකක් ගිනිබත් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
බලධාරීන් විසින් නැව්වල සිටි සේවකයින් 25 දෙනෙකු ඉවත් කිරීමට සමත් වී ඇති අතර එක් සේවකයෙකු මියගොස් ඇත.
ගිනි නිවන කණ්ඩායම්ගින්න මැඩපැවැත්වීම සදහා දැඩි උත්සාහයක මේ වනවිටත් නිරත වෙමින් සිටින බව සඳහන් වෙනවා.
