දිල්ලියේ උත්තම් නගර් ප්‍රදේශයේ පැල්පත් නිවාස සංකීර්ණයක් ගිනිබත් වෙයි
ඉන්දියාවේ දිල්ලි අගනුවර උත්තම් නගර් ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පැල්පත් නිවාස 300ත් 400ත් අතර සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.
ඊයේ (11) රාත්‍රී 11:50 ට පමණ මෙම ගින්න හටගෙන මත්ස්‍ය වෙළෙඳපොළකින් බව සඳහන් වේ.
සිය වෙළෙඳාම් කටයුතු නිමා කරමින් සිටියදී හටගත් මෙම ගින්න ඉතා වේගයෙන් අවට පිහිටි පැල්පත් නිවාස කරා පැතිර ගොස් ඇති බව වාර්තා වෙයි.
ගිනි නිවන රථ 23ක් යොදවා පැය කිහිපයක මෙහෙයුමකින් පසු අද (12) අලුයම 3:45 ට පමණ ගින්න පාලනය කිරීමට හැකි වූ බව දිල්ලි ගිනි නිවන සේවය පවසයි.
මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති වුවද, පවුල් සිය ගණනකගේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතී.
