ඇඩිලේඩ් හි සුලෝහිත සටන මේ ඉරිදා
ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ පාසල් දෙකක් වන ආනන්ද සහ නාලන්දා විද්‍යාල අතර පැවැත්වෙන වාර්ෂික සුලෝහිත සංග්‍රාමයට සමගාමීව පැවැත්වෙන දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර 10 වැනි සුලෝහිත සංග්‍රාමය ලබන 15 වැනි ඉරිදා ඇඩිලේඩ් හී “ග්ලෙනුන්ගා” ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය.
මෙවර එම තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකාවේ හිටපු පුහුණුකරුවෙකු වන චන්දික හතුරුසිංහ සහභාගි වීමට නියමිත වේ.
