2026 මාර්තු මස අස්වැසුම දීමනාව අද බැංකුගත කෙරේ
අස්වැසුම 2026 මාර්තු මස දීමනාව අද (12) බැංකුගත කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
සුබසාධන ප්රතිලාභ ලබන පවුල් වෙනුවෙන් රුපියල් බිලියන 13කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.
ඒ අනුව, පවුල් 1,408,635ක් සඳහා රුපියල් 11,179,801,250 ක මුදලක් හා තවත් ප්රතිලාභීන් 256,565ක් සඳහා රුපියල් 2,350,530,000 ක මුදලක් බැංකු ගිණුම් සඳහා බැර කිරීමට නියමිතයි.
