වෘත්තීය සමිති ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට ලංවිමට අදාල ප්‍රධාන සමාගම් හතරක අධ්‍යක්ෂක මණ්ඩලය එකඟ වෙයි
ලංවිමට අදාල ප්‍රධාන සමාගම් හතරක අධ්‍යක්ෂක මණ්ඩල සමග වෘත්තීය සමිති පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව ඉල්ලීම් 64න් ඉල්ලීම් 62ක් ලබාදීමට අධ්‍යක්ෂක මණ්ඩල එකඟ වීඇත.
එමෙන්ම ජනතාව අපහසුතාවයට පත්වෙන වැඩවර්ජනය අවසන් කොටසේවයට වාර්තා කරන ලෙස වෘත්තීය සමිතිවලින් එම සමාගම්වල සභාපතිවරුන් 04 දෙනා ඉල්ලා ඇති අතර එලෙස සේවය වාර්තා කරන්නේ නම් ඉතිරි ඉල්ලීම් 02 සම්බන්දයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබා දීමටද එකඟ වී තිබේ.
