වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (06) පැවති මිලට සාපේක්ෂව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 9කින් (9%) ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට එක්සත් ජනපද ඩොලර් 93 ඉක්මවා ගොස් තිබේ.
මෙලෙස බොරතෙල් මිල සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත්තේ වසර දෙකකට පසුව බව වාර්තා වේ. ඊට පෙර අවසන් වරට 2023 වසරේ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ බොරතෙල් මිල ඉහළ ගොස් තිබිණි.
කලාපීය ගැටුම් උත්සන්න වීමත් සමඟ බොරතෙල් සැපයුමට ඇතිවිය හැකි බාධා පිළිබඳ භීතිය හේතුවෙන් තෙල් මිල මෙලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර වෙළඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දෙයි. මෙම මිල වැඩිවීම ගෝලීය ආර්ථිකයට, විශේෂයෙන්ම බලශක්ති ආනයනය මත යැපෙන රටවල ආර්ථිකයන්ට දැඩි බලපෑමක් ඇති කළ හැකි බව විශ්ලේෂකයෝ පවසති.
