මිලියන පනස් පහක මුදලක් වංචා කළ දොස්තර අත්අඩංගුවට

මිලියන පනස් පහක මුදලක් වංචා කළ දොස්තර අත්අඩංගුවට

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගෝනහේන, වෑබඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52 වන වෛද්‍යවරයෙක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Share This