අසාධාරණයට ලක්වූ රාජ්‍ය සේවකයෝ ජානිපෙ නායක විමල් වීරවංශ හමුවෙයි

Wimal Weerawansa (@weerawansa_w) / Posts / X

2025 අයවැයෙන් රාජ්‍ය සේවයේ වැටුප් වැඩිවීමේදී එය වැඩි කරනු ලැබුවේ 2020-2025 අතර නියමිතව තිබූ ප්‍රමාණයන්ගෙන් වැටුප් වැඩි කිරීම නොකළ නිසා වන අත, ඊට සාපේක්ෂව 2020 – 2024 රාජ්‍ය සේවයේ සිට විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් වැඩි නොවීම පිළිබඳව අසාධාරණයට පත් විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ සිය ගැටළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා අවධානය යොමු කිරීමේ අරමුණින් අද (02) ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා හමුවී ඔවුන්ගේ ගැටළුව පිළිබඳව දැනුවත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව මැතිවරණයට පෙර මහරගම තරුණසේවා සභාවේ පැවැති විශ්‍රාමික සමුළුවේදී, විශ්‍රාමිකයන්ට 70%කින් විශ්‍රාම වැටුප් වැඩි කළ යුතු බව කීවද, එය දැන් නොසළකා හරින බවත්, මේ හේතුව නිසා විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ අසාධාරණයට ලක්ව ඇති බවත් ඔවුන් පවසන අතර ඉදිරියේදී ඔවුන්ගේ ගැටළුව පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

Share This