බුත්තල ලක්ෂ 50 ගංජා හේනක් වටලයි
බුත්තල පොලිස් වසමේ වන්දම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුතු ගංජා සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වැටලීමේදී ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා තිබූ අතර හේණේ ගංජා ගස් දහතුන් දහස් පන්සීීයක් පමණ තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් ද සිය භාරයට ගත් බවයි පොලිස් නිලධාරීන් සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු වැල්ල
වාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සියලුම ගංජා ගස් ගිනිතබා විනාශ කර ඇති එම සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.
