අද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද වියළි කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළං වේගය පැ.කි.මී. (20-30) පමණ වන බවත්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය තත්ත්වයේ පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තතමේන්තුව සදහන් කරයි.
