ඉරානයේ අන්තර්ජාල පහසුකම් බිද වැටෙයි
පවතින ඇති යුද ගැටුම් මධ්‍යයේ ඉරානයේ අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.
නවතම ගණනයන්වලට අනුව ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවයි සදහන් වන්නේ.
සමාජ මාධ්‍ය ජාලයන්හි සක්‍රීයව ඇත්තේ ඉරාන රජයේ නිලධාරීන්ට සහ විශ්වාසවන්ත අයට අයත් ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් බවයි සඳහන් වන්නේ.

