අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කරන්නන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නවා – පොලිසි
මැදපෙරදිග කලාපය තුළ ඇති වී තිබෙන අයහපත් වාතාවරණය හේතුවෙන් ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන බඩා කර තැබීමට කටයුතු කරමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය කියයි . දිවයින තුළ අවශ්‍ය ප්‍රමාණයට තෙල් සංචිතයක් පවතින අතර මහජනතාවට අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසට ඛනිජ තෙල් සංස්ථාව මඟින් දැනුම් දී ඇති බවයි පොලිස් මාධ්‍යය සඳහන් කරන්නේ .
ඒසේ තිබියදී ඇතැම් පාර්ශවයන් විසින් සංවිධානාත්මකව ගැලුම් හෝ වෙනත් බාහිර බහාලුම් මඟින් ඉන්ධන රැස්කිරීම් සිදුකරන බව පෙනී යන බවයි පොලිසිය සඳහන් කරන්නේ .
එවැනි ක්‍රියා වැළැක්වීම සඳහා නැවත දැනුම්දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්තශාලා, වැඩබිම්, කෘෂිකාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සඳහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධනහල් කළමණාකාරීත්වය සමඟ සාකච්ඡාකර අවශ්‍ය පියවර ගැනීමට සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවද පොලිසිය සදහන් කරනවා.
මෙලෙස අනීතිකව කටයුතු කරන අයට ඒරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිසිය වැඩි දුරටත් සදහන් කරනවා.
