සියලුම ඉන්ධනහල්වලට පොලිස් ආරක්ෂාව
පාරිභෝගිකයන් අනියත බියක් ඇති කරගනිමින් කලබලකාරී ලෙස ඉන්ධන රැස් කිරීමට කටයුතු කිරීමත් සමඟ දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා පොලිස් ආරක්ෂාව යෙදවූ බව පොලිස් මාධ්යප ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පවසයි.
කෑන්, බෝතල් සහ ප්ලාස්ටික් බූලිවලට ඉන්ධන ලබා ගැනීමට ඇතැමුන් පෙළඹී ඇති බැවින්, කෘෂිකාර්මික කටයුතු සඳහා පමණක් අනන්‍යතාවය ඔප්පුකර අවශ්‍යතාවය මත පමණක් ඒවැනි උපකරණවලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ඉන්ධනහල් කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
