සමරිසියට රිසි නෙදර්ලන්තෙ නව අගමැති

නෙදර්ලන්තයේ ලාබාලතම අගමැතිවරයා ලෙස 38 හැවිරිදි රොබ් ජෙට්න් දිවුරුම් දී ඇත.එරට අන්ත දකුණත් පාර්ශ්වීය පක්ෂයක් වන ‘නිදහස් පක්ෂය’ (PVV) පරාජය කරමින් ඔහු සිය ධුරයේ වැඩ භාරගනු ලැබුවේය.
ජෙට්න් නියෝජනය කරන ‘ඩෙමොක්රැට්ස් 66′ (D66) පක්ෂය, මධ්යස්ථ-දකුණත් ‘ක්රිස්තියානි ප්රජාතන්ත්රවාදී අභියාචනය’ (CDA) සහ ලිබරල් ‘ජනතා නිදහස් හා ප්රජාතන්ත්රවාදී පක්ෂය’ (VVD) සමඟ එක්ව නව සභාග රජයක් පිහිටුවා ඇත. රොබ් ජෙට්න් යුරෝපා සංගමයට හිතැති, ලිබරල් සහ දේශගුණික විපර්යාස කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන නායකයෙකු ලෙස ප්රසිද්ධයක් ලබා ඇත.
නෙදර්ලන්තය 2001 වසරේදී සමලිංගික විවාහ නීතිගත කළ ලොව පළමු රට වුවද, එරට රජයේ ප්රධානියා ලෙස ප්රසිද්ධ සමලිංගිකයෙකු පත්වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ඔහු 2018 වසරේදී සිය ලිංගික අනන්යතාව ප්රසිද්ධියට පත් කරන ලදී.
නිකොලස්ට්න් කීනන් අගමැති ජෙට්න්ගේ සහකරුය. වෘත්තීය හොකී ක්රීඩකයෙකු වන කීනන් ඔලිම්පික් වැනි ප්රධාන ජාත්යන්තර තරඟාවලි නියෝජනය කර ඇති අයෙකි. වසර කිහිපයක සිට සබඳතාවක් පවත්වන මෙම යුවළ මේ වන විට විවාහ ගිවිසගෙන සිටියි.
