කොළඹ ඉඩම්වල තක්සේරුව ඉහළට
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් සම්පාදනය කරන ලද ඉඩම් තක්සේරු දර්ශකය, ඉහළ යෑමේ ප්‍රවණතාවය අඛණ්ඩව පවත්වා ගනිමින් 2024 වසරේ දෙවන භාගයට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී සියයට 10.6කින් වර්ධනය විය.
මේ අතර, 2025 වසරේ පළමු භාගයේ වාර්තා වූ අගයන්ට සාපේක්ෂව 2025 වසරේ දෙවන භාගයේ දී, ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි අනු දර්ශක අර්ධ වාර්ෂික පදනම අනුව මධ්‍යස්ථ වේගයකින් වර්ධනය විය. මෙහිදී, වාණිජ සහ නේවාසික අ
නු දර්ශක ඉහළ වර්ධන වේගය පෙන්නුම් කළේය.
