නුවර එළියේ වාහන 49කට පාරේ දුවන්න
නුවරඑළිය පොලිස්ථානයේ සහ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (25) එක්ව කළ වාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමකදී නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය – බදුල්ල, හග්ගල ප්රදේශයේ, නුවරඑළිය – උඩුපුස්සැල්ලාව මාර්ගයේ සහ බොරලන්ද ප්රදේශයේදී, ධාවනයට නුසුදුසු වාහන 49කට පාරේ ධාවනය කිරීමට තහනම් කර ඇත. ඒම තහනමට ලක්ව ඇත්තේ දුර්වල නඩත්තුව, අධික කළු දුම සහිත බස් රථ 18ක්, ලොරි 21ක්, හයිබ්රිඩ් කාර් 08ක් හා ත්රිරෝද රථ 2කි.
පොලිසිය මගින් මෙම වාහන රියදුරන්ගේ රයදුරු බලපත්ර පොලිස් භාරයට ගෙන තාවකාලික රියදුරු බලපත්ර නිකුත් කිරීමට කටයුතු කර ඇත. මාර්තු මස 27 දිනට පෙර මෙම වාහන ධානවනයට සුදුසු තත්ත්වයට පත්රන ලෙසද දැනුම් දී තිබේ. 
