කිරින්දේ කෝටි 350 කුඩු ඔත්තුව දුන් ඔත්තුකරු මරා හිස ඕලුගලගේ නිවසට යවන්න හදලා

ASP Rohan Olugala appointed as Director of Walana Central Anti-Corruption  Unit

කිරින්ද මුහුදු වෙරළේදී රුපියල් කෝටි 350ක මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදුන් ඔත්තුකරු පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන්කර හිස කොටස මෙම විමර්ශනය සිදුකළ පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රොහාන්ඕලුගල මහතාගේ නිවස ඉදිරිපිට තැබීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන දින 11ක් පෑලියගොඩ අපරාධ කොට්ඨාස රැඳවුම් භාරයේ සිටිය ද මේ වනතුරුත් ඔහු සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නැති බවද වාර්තා වෙයි.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා අසනීපවී රෝහල්ගතව සිටි කාලසීමාවේදී මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඔත්තුකරු මරාදමා ඔහුගේ හිස කොටස ඒ මහතාගේ නිවසට යවන ලෙස උපදෙස් ලබාදුන් බවද අත්අඩංගුවේ සිටින පාතාල සාමාජිකයා පාපොච්චාරණය කර ඇත.

Share This