කොළඹ නගර සභාවේ සිදු වූ දූෂණ ගැන දන්නවානම් දැනුම් දෙන්න
කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව කොළඹ මහ නගර සභාවේ දූෂණ සෙවීමට මහජන සහාය ඉල්ලමින් දැනුම්දීමක් කර තිබෙනවා.
2010 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාව තුළ සිදුවී ඇතැයි සැලකෙන දූෂණ ක්‍රියා, වංචා, සාපරාධී ලෙස විශ්වාසය කඩ කිරීම්,දේපළ සාපරාධී අපහරණය, රැවටීම, සහ බලය හෝ අධිකාරිය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස පාවිච්චි කිරීම හෝ අවභාවිතය, නීත්‍යානුකූල නොවන බඳවා ගැනීම් හා පත්කිරීම්, නීති විරෝධී සැලසුම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධි විධාන උල්ලංඝනය කිරීම්, නිශ්චල හෝ චංචල දේපල කුලියට හෝ බද්දට දීමේදී සිදු කර ඇති අක්‍රමිකතා, නිසි කාර්ය පටිපාටියෙන් බැහැරව සිදුකර ඇති නඩු කටයුතු, සමථ කිරීම් හා බේරුම් කිරීම් එම වරද වලට අයත්වනවා.
එමෙන්ම එකී වරදවල් සහ වැරදි ක්‍රියාවන්හි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය වත්කම් වලට, රාජ්‍ය ආදායමට බරපතල අලාභ හෝ හානි සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන පදවි දැරූ හෝ තවදුරටත් දරමින් සිටින පුද්ගලයින්ට සහ රජයේ සේවකයන් වශයෙන් සහ ව්‍යවස්ථාපිත මණ්ඩලයන්හි නිලධාරින් වශයෙන් සේවයේ නිරතව සිට හෝ තවදුරටත් සේවයේ නිරතව සිටින පුද්ගලයන්ට සහ සේවා සහ සැපයීම් සිදු කරන පුද්ගලයන්ට සහ රාජ්‍ය හෝ පෞද්ගලික ආයතන හෝ පුද්ගලයන්ට එරෙහි බරපතල චෝදනාත් ඊට අයත් වනවා.
මහජන පැමිණිලි ලබා ගැනීමේ කාලය 2026 මාර්තු මස 16 වන දින දක්වා දීර්ඝ කර තිබෙනවා .
ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කොමිෂන් සභාවේ ලේකම් වෙත පහත ලිපිනයට එවීමට ඕනෑම පුද්ගලයෙකුට, පුද්ගලයන්ට හෝ සංවිධාන වලට, ආයතනයන්ට මෙයින් ආරාධනය කර තිබෙනවා.
එවැනි පැමිණිලි හෝ තොරතුරු සපයන අයගේ නම, ලිපිනය, සම්බන්ධගත හැකි දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගුවන් ගමන් බලපත්‍ර අංකය සියලුම ඉදිරිපත් කිරීම් වල සඳහන් විය යුතුය. තවද, ඔහුගේ හෝ ඇයගේ අනන්‍යතාවය හෙළි කරනු ලැබීමට අකමැති වන්නේ නම් එසේ කිරීමට ඉල්ලා සිටිය හැකි බවයි තව දුරටත් දන්වා සිටින්නේ.
කොමිෂන් සභාවට වාචිකව ඉදිරිපත් කිරීම් සිදු කිරීමට කැමති ආයතන, පුද්ගලයන් 2026 මාර්තු මස 16 වන දින හෝ ඊට ප්‍රථමව දිනයක් නියම කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකයට ඇමතුම් ලබා දිය හැකි බව ද කොමිෂන් සභාවේ ලේකම් දැනුම් දී තිබෙනවා.
ලිපිනය අංක:152, ගාලුපාර, කොළඹ 03.
දුරකථන අංකය: 0112301735.
