අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබද්ද අත්හිටුවයි

අමෙරිකානු ජනපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු අහෝසි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. මෙම තීරුබදු පැනවීම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් ලෙස සැලකිණි. අදාළ බදු පැනවීමේදී ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා ගොස් ඇති බව අධිකරණය තීරණය කර ඇත. මෙම තීරණයත් සමග ඩොලර් බිලියන ගණනක මෙතෙක් අයකළ තීරුබදු ආපසු ගෙවීමේ වගකීමකට එක්සත් ජනපදය බැඳෙන අතර, එය ගෝලීය වෙළඳ භූ දර්ශනයට නව අවිනිශ්චිතතාවයක් ද එක්කර ඇත. මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරන ලද තීරුබදු වෙනුවට නව 10% ගෝලීය තීරුබද්දක් පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව “භයානක” ලෙස හඳුන්වමින් සහ ඔහුගේ වෙළඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළ විනිසුරුවරුන් “මෝඩයන්” ලෙස ට්‍රම්ප් විවේචනය කර තිබේ.

Share This