පාකිස්ථානයේ කරච්චි නගරයේ පිපිරීමක්
පාකිස්ථානයේ දකුණු දිග කරච්චි නගරයේ සිදුවූ පිපිරීමකින් අනතුරුව ගොඩනැගිල්ලක් කඩා වැටීමකින් ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පළාත් ගලවා ගැනීමේ ඒජන්සියේ ප්‍රකාශක හසන් ඛාන් AFP පුවත් සේවය වෙත පවසා තිබුණේ, “කාන්තාවන් සහ ළමුන් ඇතුළු දහසය දෙනෙකු මිය ගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇත,” යනුවෙන්.
ඔහු පවසා ඇත්තේ මෙතෙක් හඳුනා නොගත් පිපිරීමකින් ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ල කඩා වැටුණු බවයි. “පෙනෙන විදිහට එය ගෑස් පිපිරීමක් වගේ, නමුත් පරීක්ෂණයෙන් සිද්ධියට සැබෑ හේතුව හෙළි වෙයි,” ජ්‍යෙෂ්ඨ නගර නිලධාරි නස්රුල්ලා අබ්බාසි AFP වෙත පවසා තිබුණා. පසුගිය වසරේ ජූලි මාසයේදී ද කරච්චි හි දුප්පත් ලියාරි ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලැබුවා.
මේ අතර කරච්චි බලධාරීන් විසින් ගොඩනැගිලි 600ක් පමණ අනතුරුදායක ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ
