පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙහෙමයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මාසිකව රුපියල් 54,285ක දීමනාවක් සහ මාසික සංග්‍රහ දීමනාව ලෙස රුපියල් 1,000ක් ද. මාසික රියැදුරු දීමනාව ලෙස රුපියල් 3,500ක් ද, ඒහෙත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මගින් රියැදුරෙකු ලබා ගතහොත්, අදාළ මන්ත්‍රීවරයාට රියැදුරු දීමනාවක් නැත. මන්ත්‍රීවරයෙකුට දුරකතන දීමනාව ලෙස රුපියල් 50,000ක් ද, ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් 15,000ක් ද, ගෙවනු ලබන අතර කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000ක මුදලක් හිමි වේ. රැස්වීම් දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබන අතර, පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගි වීම වෙනුවෙන් දිනකට රුපියල් 2,500ක් සහ කාරක සභා දීමනාව ලෙස දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලැබේ. පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවල පැවැත්වෙන කාරක සභා රැස්වීම් සඳහා දිනකට රුපියල් 2,500ක් ගෙවනු ලබයි.
