විෂ මතට ලොල්වූ රියැදුරන් අල්ලන පොලිස් නිලධාරියකුට රු. දසදහසක්

විෂ මතට ලොල්වූ රියැදුරන් අල්ලන පොලිස් නිලධාරියකුට රු. දසදහසක්

(බණිදු ලෝකුරුගේ)
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් හා වෙනත් රථවාහන පදවන රියැදුරන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියකුට රුපියල් දස දහසක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ.සේනාධීර පැවැසීය.
මෙම වසරේ මුල් දින 26 තුළ මත්ද්‍රව්‍ය භාවිත කර මගී ප්‍රවාහන බස් රථ පැදවූ රියැදුරන් 874 දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් මෙම මෙහෙයුම් දිනපතාම ක්‍රියාත්මක බවත් ඒ මහතා වැඩිදුරටත පැවැසීය.

Share This