නවම් පොහොය දෙදිනේ කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

(එන්. අමරසිංහ)
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන නවම් මහා පෙරහර හෙට (31දා) හා අනිද්දා (01දා) පැවැත්වෙන අතර එම දින දෙක තුළ පස්වරු 06.30 සිට පෙරහර අවසන් වනතෙක් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර එම ප්‍රදේශය හරහා ගමන් කරන මහජනතාවගෙන් හා රියැදුරන්ගෙන් පහත සඳහන් මාර්ග හා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටී.
පෙරහර පෙළගැස්වීම- රාමනායක මාවත, පාර්ක් වීදිය, ජිනරතන මාවත ඔස්සේ ගංගාරාම විහාරස්ථානය දක්වා.
පෙරහර ගමන් ගන්නා මාර්ගය- ජිනරතන මාවත විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කර ජිනරතන මාවත හුණු පිටිය වැව පාර හන්දියෙන් වමට හැරී හුණුපිටිය වැව පාර ඔස්සේ ගමන් කර හුණුපිටිය වැව පාර ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත හන්දියෙන් දකුණට හැරී ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත ඔස්සේ ගමන් කර ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත සර් ජේම්ස් පීරිස් මාවත හන්දියෙන් දකුණට හැරී, සර් ජේම්ස් පීරිස් මාවත ඔස්සේ ගමන් කර සර් ජේම්ස් පීරිස් මාවත අල්ටෙයාර් ඇවනිව් හන්දියෙන් දකුණට හැරී අල්ටෙයාර් ඇවනිව් ඔස්සේ ස්ටෙපල් වීදිය හන්දිය දක්වා ගමන් කර දකුණට හැරී ස්ටෙපල් හන්දිය ඔස්සේ බේබෲක් පෙදෙස ඔස්සේ ගමන් කර බේල්බෲක් වටරවුමෙන් දකුණට හැරී, ජිනරතන මාවත ඔස්සේ විහාරස්ථානය දක්වා.
පෙරහර පෙළ ගැසෙන අවස්ථාවේ ගමනාගමනය සීමා කරන මාර්ගයන්- ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත හුණුපිටිය වැව පාර හන්දිය, ධර්මපාල මාවත, පාර්ක් විදිය හන්දිය, කොල්වින් ආර් ද සිල්වා මාවත (යුනියන් පෙදෙස ) හයිඩ් පාර්ක් නෝනර් හන්දිය.
පෙරහර වීථි සංචාරය කරන අවස්ථාවේ සීමා කරනු ලබන මාර්ගයන්- බේබෲක් වට රවුමෙන් ජිනරතන මාවතට ඇතුළු වීම.
සර් ජේම්ස් පීරිස් මාවත, ජිනරථන මාවත හන්දියෙන් ජිනරථන මාවතට ඇතුළු වීම, හුණුපිටිය වැව පාර ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත හන්දියෙන් ඩබ්.ඒ.ඩී. රාමනායක මාවතට සහ හුණුපිටිය වැව පාර දෙසට ඇතුළු වීම, ඩබ්.ඒ.ඩී. රාමනායක මාවත සර්. ජේම්ස් පීරිස් මාවත හන්දිය, පිත්තල හන්දියෙන් සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වීම. බොයිඩ් පෙදෙසින්, සර් ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවීම, පෙරහර මාවත අල්විස් පෙදෙස හන්දියෙන් සර්. ජේම්ස් පීරිස් මාවත දෙසට ඇතුළු වීම, කොම්පඤ්ඤ විදිය හංදියෙන් සර්. ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වීම (නවම් මාවත හන්දිය දක්වා පදිංචිකරුවන්ට හා ආයතනවලට හැර) සර්. ජේම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දියෙන් පිත්තල හන්දිය දෙසට ඇතුළු වීම, ස්ටෙපල් වීදිය, අල්ටෙයාර් ඇවනිව් හන්දියෙන් අල්ටෙයාර් ඇවනිව් දෙසට ඇතුළු වීම, මුත්තයියා පාර, ස්ටෙපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදිය දෙසට ඇතුළු වීම,
ඩෝසන් වීදිය, බේබෲක් පෙදෙස හන්දියෙන් බේබෲක් පෙදෙසට ඇතුළු වීම, බේබෲක් වටරවුම දෙසින්, ජිනරතන මාවතට ඇතුළුවීම, ලේක් ක්‍රසන්ට් දෙසින් ජිනරතන මාවතට ඇතුළුවීම, යුනියන් පෙදෙස ස්ටේපල් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුළු වීම, යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දියෙන් ස්ටෙපල් වීදියට ඇතුළුවීම හා පාර්ක් වීදිය, හයිඩ් පාර්ක් කෝනර් හන්දියෙන්, බේබෲක් වටරවුම දෙසට ඇතුළු වීම.
සර්.ජේම්ස් පීරිස් මාවත මාර්ගය ගමනාගමනය සීමා කරන අවස්ථාවේදී එම මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හා රියදුරන් භාවිතා කළ යුතු විකල්ප මාර්ග වන්නේ
කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහනවලට යුනියන් පෙදෙස ලිප්ටන් වටරවුම ඔස්සේද
සර්. ජෙම්ස් පීරිස් මාවත, නවම් මාවත හන්දියෙන් දකුණට හරවා නවම් මාවතඔස්සේ ගමන් කර නවම් මාවත උත්තරානන්ද මාවත හන්දියෙන් වමට හැරී උත්රානන්ද මාවත ඔස්සේ රොටුන්ඩා වටරවුමෙන් ලිබර්ටි වට රවුම දෙසට ගමන් කළ හැක.
පිත්තල හන්දිය දෙසින් පැමිණෙන රථවාහනවලට ධර්මපාල මාවත ඔස්සේ ගමන් කර යුනියන් පෙදෙස ඔස්සේ ගමන් කළ හැක.
